ආසියානු මහාද්වීපයේ ඉන්දියානු අර්දධවීපයට ආසන්නව පිහිටි ආසියාවේ “මුතු ඇටය” ලෙසින් විරුදාවලිය ලත් මේ දිවයින කලානුරූපිව විවිධ විවිධ ජාතීන්ගේ ග්‍රහණයට නතුව පැවත දැනට 60 වසරකට පමණ පෙර සිට ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වූ රාජ්‍යක් ලෙස පවතියි.බොහෝ අංශයන්ගෙනසියාවේ ඉතා සුවිශේෂ වූ ලක්ෂණයන් සහිත මානව හා භෞතික සම්පත් වලට හිමිකම් කියන්නා වූ මෙම ව.කී 65,000 ක් පමණ වූ රන් දිවයින 30 වසරකට ආසන්න කාලයක් පැවතියාවූ කුරිරු යුද්දයකින් පසුව සංවර්ධන මාවතකට පිවිස සිටියි.
ඉතිහාසය
පුරාණයෙදී ඉතා ප්‍රෞඩ රජාවලියකට හිමිකම් කියනලද මේ දිවයින,විශ්වයේ ආරම්භයෙන් පසු බිහිවූ මුල්ම මානව වර්ගයද තම නිජභූමිය ලෙස භාවිතා කල බවට අදටත් සාක්ෂි ඉතිරව පවතියි.විදේශ අධිරාජ්‍යන්ගේ බල ලෝභිත්වය හා ඒ මත පදනම වූ වෙනත් කරුණුවල ප්‍රතිපලයක් ලෙස විවිධ විවිධ අවස්ථාවන් වලදී විදේශ ජාතීන්ගේ ග්‍රහණයට, පාලනයට නැතුව සිංහල රාජාවලියේ අවසානය සනිටුහන්විය.බෞද්ධ දර්ශනය මත පදනම්ව අදටත් ලොව පරභාලතම බෞද්ධ රාජ්‍ය ලෙස වැජබෙන ශ්‍රී ලංකාව,අතීතයේ සිට උරුම කර ගත් බෞද්ධයින්ගේ මදුන් මල්කඩ බඳු පූජනීය වස්තුන් ආරක්ෂා කර ගනිමින්,වත පිළිවෙත් පවත්වාගෙන යමින් සිටින්නාවූ ප්‍රෞඩ ජාතියක් ජාතියක වාසය කරන පින් බිමකි.අතීතයේ සිට ඉතා විශිෂ්ට වූත් , අග්‍රගන්‍ය වූත් වාරි තාක්ෂණයකට හිමිකම් කියන්නාවූ මෙහි එම ඥානබල මහිමයෙන් සිදුකරන ලද ඉතා විශ්මිත නිර්මාණ දැකගත හැකිය.එකලදී විදෙස් රටවලට පවා තම දැනුම ලබාදී එම රටවල වාරි නිර්මාණ කල ශ්‍රී ලාංකික කණ්ඩායම් පිළිබඳව අතීතය සාක්ෂි දරයි.අසල්වැසි රාජ්‍ය වන ඉන්දියාවේ අභාෂය සමග ඇතිවූ තවත් ක්ෂේත්‍ර ගණනාවක් මෙහි තවත් මෙහී පවතියි.විජය කුමරු ඇතුළු පිරිසගේ ආගමනයෙන් ඇතිවන සිංහල ජාතියත්, මහින්දාගමනයෙන් ඇතිවන සිංහල-බෞද්ධයනුත් පෙරටුව පෙර කී විදේශ අගමනයන් ගෙන් පසුව ඉතිරි වන වෙනත් ජාතින් කීපයක්ම ශ්‍රී ලාංකිකයින් කුලකයට එදා සිට එකතුව ඇත.
දේශපාලනය
1948 වසරේදී විදේශ ජාතීන්ගෙන් නිදහස ලබා නිදහස් අරගලයේ නියමුවන් තැබූ ප්‍රථම පියවරෙන් ආරම්භ වූ ප්‍රජාතන්ත්‍රවාදී පාලන රාමුව වසර 63 කට පසුවත් විවිධ වෙනස්කම් වලට භාජනය වූ නමුදු හරය නොවෙනස්ව පවතියි.දේශපාලනයට තුඩුදුන් විවිධ හේතුන් නිසාද සහ පාලකයින් ගේ අදුඋර දර්ශී ක්‍රියාවන්නිසා, ඇතිවුණු වාර්ගික යුදදයක යයි හඳුන්වාගත්, හැදින්වුණු තිස්වසරක් පුරා දහස ගනන් ජීවිත බිලිගැනුනු කුරිරු යුද්ධය ඉන පසුව පැමිණි දේශපාලන ක්රමොපයන්ට විවිධ බලපෑම් එල්ල කළේය.එම යුද්ධයේදී ත්‍රස්තවාදයට පක්ෂව ක්‍රියාකළ විදේශීය පාමනක් නොව දේශීය බලවේග සිටීම විශේෂත්වයකි.එම හේතුන් කෲර යුද්දය තිස් වසරක් පුර පැවතීමට හේතු විය.අවසානයේදී සියලු ශ්‍රී ලාංකිකයින්ගේ උපකාර ලබා ගනිමින් වර්තමාන ජනාධිපතිතුමන් ඇතුළු රජය එම යුගයට අවසාන තිත තැබීමට සමත් විය.එයින් වසර දෙකක් පමණ කාලයක් පමණ මේ වන විට ගෙවීගොස් ඇති අතර බහුවාර්ගික බහුආගමික රටක් ලෙස සිංහල දෙමල මුස්ලිම් ජාතීන් සහ තවත් ජන කොට්ටාශ සමයෙම් යුතුව ජීවත් වන බෞද්ධ,කතෝලික දෙමල ඉස්ලාම් ආගම අදහන ජන කොටස් වසයකරංනවූ රටක් බවට පරිවර්තනය වී ඇත.දේශපාලනමය වශයෙන් ගත කල ලියාපදිංචි දේශපාලන පක්ෂ 100 කට වැඩි ප්‍රමාණයක් සහිතව ක්‍රියාත්මක මෙරට දේශපාලන ව්‍යුහය පෙරදී ඉතා ප්‍රචණ්ඩ කාරී වූ විවිධ අවස්ථාවන් වලට උරුමකම් කියයි.වර්තමානයේදී විශේෂයෙන් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමන් ප්‍රදාන කොට ගත එකසත් ජනතා නිදහස් සන්ධන රජය රට වේගවත් සංවර්ධන මාවතකට ප්‍රවිෂ්ට කර ඉදිරියට ගෙන යමින් සිටියි.ගිය වසරේ සහ මේ වසරේ ඉතා ඉහල ආර්ථික සංවර්දන ප්‍රතිශතයක් ආසියානු කලාපයේ පවත්වාගන්නාවූ රටවල් කීහිපය අතුරින් පළමු පෙළ සිටින ශ්‍රී ලංකාව ඉඉට උදාහරණ වශයෙන් ගිය වසරේ සිට නිතර කතා බහට ලක් වන කොටස් වෙළඳපොල ආර්ථික සංවර්දනය සඳහා ගත හැකිය.විවධ අංශ වලින් ආයෝජන අවස්ථා රට තුල පුළුල් කර සංවර්ධනයට පිටුවහකල් කරගැනීම රජයේ අභිප්‍රාය වී තිබේ.ඒ සමගම යුද්ධය ඇදා ගත හැර ශුන්‍ය විදේශ අපවාද චෝදනා වලටත් මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදුව ඇත.මේ සියලු බාධක මැඩ ගෙන රට සංවර්ධනය කරමින් ඉදිරියට ගෙන යායුතු ගෙනයන වගකීම වර්තමාන ශ්‍රී ලංකික දේශපාලනයට පවතී.
නිදහස් සටනේ පෙරගමන් කරුවෝ.
සංවර්ධනය
පෙර අවස්ථා කීපයදීම සිහිපත් කල පරිදි පවතී යුද්ධයෙන් සම්පුර්ණයෙන්ම පාහේ විනාශවූ නැවත සම්පුර්ණයෙන්ම පාහේ ඉදිකල යුතු නගර ගම් ලෙස යුද්ධය පවතී නගර ඉතිරි විය.එලෙසම ඊට මැදිව සිටි පෙර රජයන් අතින් අතපසුවූ සංවර්ධනයද යුද්ධය නිමාවත් සමග ඉස්මතුව පෙනීමට පටන් ගෙන තිබේ.වර්හ්ට්මන රජය මේ සම්බන්ධයෙන් ඉතා ප්‍රශස්ත මට්ටමකින් කටයුතු කරමින් සංවර්ධන කටයුතු වල ප්‍රසංසනීය මෙහෙවරක් ඉටු කරමින් සිටියි.ඒ පමණකින් නොනැවතී හුදෙක් ප්‍රතිසංස්කරණ සංවර්ධනයෙන් බැහැරව නව තාක්ෂණය පදනම්ව අනාගතය රඳා පවතින්නාවූ ක්ෂේත්‍ර සංවර්ධනයට වර්තමානයේදී ප්‍රමුඛ පෙලේ අවශ්‍ය තාවයකි.උදාහරණයක් ලෙස කාර්මික ක්ෂේත්‍ර සංවර්ධනයේදී ප්‍රධාන සාධකයන් හා මාර්ග පද්ධතිය ප්‍රතිසන්කරණය සමගම අලුතෙ මාර්ග ඉදිකිරීම වශයෙන් පුළුල් වන ප්‍රවාහන අවශ්‍ය තාවන්ට පිළිතුරු ලබාදෙන අතරම රට ලෝකයට විවර වන දොරටු බඳු වරායන් ,ගුවන්තොටුපොළ සංවර්ධනයේදී සුවිශිෂ්ට කාර්ය භාරයක් ශ්‍රී ලංකාවේ මේ වනවිට සීහු වෙමින් පවතියි.ආර්ථික වශයෙන් ඉතා සුවිශේෂ මධ්‍යථානයක් ලෙස පවතින ශ්‍රී ලංකාව ඉතා පහසුවෙන් ඒ ඒ අදාළ අංශවල සිදුකරන්නාවූ දියුණුවන් මගින් ලබාගත් හැකි වාසි සහගත් අවස්ථාවන් මගින් ඉදිරියට යැමේ ප්‍රයත්නයක් අද වනවිට ප්‍රකට වෙමින් පවතියි.භෞතික සංවර්ධනය පමණක් රටකට කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ යන පුළුල් චින්තනය මත පදනම්ව පුද්ගල සංවර්ධනයටද විශේෂ ස්ථානයක් මෙහි සංවර්ධන ක්‍රියාවලියට අඩංගුව පවතියි.අධ්‍යාපන, උසස් අධ්‍යාපන යන ක්ෂේත්‍රයන්ගේ ඉදිරියෙන් සිදුවන සංවර්ධනයට අමතරව විවිධ පුද්ගල සංවර්ධන වැඩසටහන් වලින් බලාපොරොත්තු වනුයේ එකී අවශ්‍යතා සපිරිමයි.
ස්වභාව සෞන්දර්යය
ඉතා ඉහල ජෛවවිවිධත්වයකට හිමිකම් කියන ශ්‍රී ලංකාව සෞම්‍ය දේශගුණයක් සහිත ඉතා සුන්දර දිවයිනක් ලෙස ප්‍රසිද්ධියක් උසුලයි,දිවයින පුර පිහිටා ඇති තෙත් සහ වියකි කලාපිය වනොද්‍යාවලින් එය මනාව පිළිබිගුවේ.වසරේ ඕනෑම කලයක් එක සේ පවතින කාලගුණ ස්වභාවය, ස්වභාව සෞන්දර්යය ඉහල නැංවීමට දායක වී තිබේ.එක දේශීය කුරුළු, උරග සහ සර්ප විශේෂයන් ගෙන් ගහන සිංහරාජ වැනි තෙත් කලාපිය වනාන්තරත් අලි කොටි වලසුන් වැනි සතුන් සහ මීමින්නා වැනි එක දේශීය සිවුපුන්ගෙන් ගහන වියලි හා තෙත කලාපිය වනාන්තර ශ්‍රී ලංකාවේ අවභාව සෞන්දර්යය දෙගුණ තෙගුණ කිරීමට මහත්සේ දායක වන්නාවූ සාධකයි.
එලෙසම රට දිවයිනක් බවට පත කරමින් ඊට වටා ඇති සයුර හා මනස්කාන්ත වෙරල තීරයක්ද එයට එයට දක් වන්නේ නොමසුරු දායකත්වයකි.මන්දයත් සුන්දර වෙරල තීරයන් ලැබීමේ වාසනාව සහිත ලොව රටවල් කීපය අතුරින් සුවිශේෂ ස්ථානයක් ශ්‍රී ලංකාවට හිමිවීම එයට හේතුවයි.එක ප්‍රදේශයකින් කොරල් පර වැනි ස්වභාවධර්මයාගේ විශිෂ්ට නිර්මාණ වලින් පිරුණු වෙරලතීර මෙනම ඩොල්ෆින් වැනි මසුන් නිතර ගැවසෙමින් අකර්ශනීයත් වය ඉහල දැමු වෙරල තීරද ශ්‍රී ලංකාවේද ඉතා පහසුවේ දැක ගත හැකිය.
සංචාරක කර්මාන්තය
නිමාවූ යුද්ධයෙන් පසුව සංචාරකයින්ට ඉතා අගනා පාරාදීසයක් බඳු දිවයිනක් බවට ශ්‍රී ලංකාව මේ වනවිට පත්ව තිබේ.මන්දයත්ඉහත කී ස්වභාව සෞන්දර්යය හේතුවෙන් ශ්‍රී ලංකාවට සංචාරකයින්ගෙන් ඉතා ඉහල පිළිගැනීමක් හිමිව තිබේ.තවත් දෙසකට ශ්‍රී ලංකාවට සුවිශේෂ වූ තවත් කරුණු කීපයක් මෙයට පදනම්වී ඇත.ඉන ප්‍රධාන කරුණ වනුයේ ලෝකයේ වෙනත් කිසිඳු රටකදී දක්නට නොලැබෙන ආකාරයට පය කීපයක් අතුලත විවිධ දේශගුණික කලාපයන් වල අපහස වින්ද ගැනීමට ඇති හැකියාව හැදින්විය හැක.මෙහිදී ලෝකයේ බොහෝරට වලදී අත්වින්දීමට ලැබෙන දේශගුණික තතවයන් පෙරකී ආකාරයට ශ්‍රී ලංකාවේදී වින්දගනීමට සංචාරකයන්ට පහසුවෙන් ඉඩප්‍රස්ථාව ලැබේ.ඒ සමගම සංචාරකයන්ට ලැබෙන පහසුකම් වෙනත් රටකට නොදෙවෙනි ආකාරයට ලබා දීමට අදාල ක්ෂේත්‍රයන්ගේ නිරත ශ්‍රී ලාංකිකයින්ගේ කැපවීමද නොවනුමාන හේතුවකි.ඉතා සුළු සුළු බාධක අඩු පාඩු පවතින්නට හැකි වුවද සමස්ථයක් ලෙසට ඉතා හොඳ මට්ටමකට ලඟාවීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.
සුවිශේශිතාවයන්
පෙරකී ස්වභාව සෞන්දර්යන් දේශ ගුණයන්ට අමතරව විශේෂත්වයන් ලෙසට ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හඳුන්වා දීමට අවශ්‍ය තරම් හේතු ඇත.මන්දයත් ව්ශිෂ්ට වූ කලා නිරමනයන්ද සිගිරිය වැනි ලොව මවිත කරනවන ලද නිර්මනයනද එයට අදාලව පවතියි.එලෙසම වෙනත් රටකදී දක්නට නොලැබෙන තරම් වූ සුහද ශීලිත්වයන් කැටි කොට ගත් ශ්‍රී ලාංකිකයින්ද එයට හොඳම නිදසුන්වේ.ලොවම සැමවිට අගය කරන ශ්‍රී ලංකික සුපුරුදු සංග්‍රහශීලිත්වය හා පරෝපකාරී මානසිකත්වය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් සැබෑ සාඩම්බර ජාතියක් ලෙස ප්‍රසිද්ධය.එය සැබවින්ම ශ්‍රී ලාංකිකයින්ට උරුම වුයේ ඔවුන්ගේ පෙරකී ප්‍රෞඩ ඉතිහාසය හේතුවෙනි.මෙකී භෞතික හා මානව විශේෂතාවන් කැටිව ඇති ශ්‍රී ලංකාවට අනන්‍යවූ සුවිශේෂී තාවයන් මෙහිදී ප්‍රමුඛ කොට දැක්විය හැකිය.
ජනතාව
බහුජාතික-බහු ආගමික රටක වන ශ්‍රී ලංකාව පෙර කී ආකාරයට ඉතා සංග්‍රහශීලී බුද්ධිමත් උගත් ජනතාවක් ලෙස නිරයස්සයෙන් ම අඳුන්වා දීමට පුළුවන.මන්දයත් ආසියානු කලාපයේ ඉහලම සාක්ෂරතාවයට හිමිකම් කියන්නාවූ රටවල් අතරින් ප්‍රමුඛ පෙලේ රටක වීම ශ්‍රී ලාංකිකයින්ගේ උගත් කමට ගත හැකි එක් නිදසුනකි.එලෙසම පෙර කී ලොවම අගය කරන ශ්‍රී ලාංකිකයින්ගේ නිතර මුවරැඳී සිනහව සහ සංග්‍රහශීලිත්වය පිරුණු ජන කොටසක් ලෙසට ශ්‍රී ලංකික න් තව දුරටත හඳුන්වාදිය හැක,තම පවුල හා රට පෙරටු කොට ගත් ජීවන රටාවකටත් උරුම කම කියන ශ්‍රී ලාංකිකයි අතර තම රට වෙනුවෙන් දිවි පිදුඋවන් හා කළගුණ සැලකීමේ ගුණය උපරිම ලෙස සිදු කල ජන කොට්ටාශයකි.දෙමාපිය මුලික කරගත් සමාජ ක්‍රමයක මොවුන් නිතරම තම දිවි ගෙවයි,ආසියාවේ ඇති සුවිශේෂත්වය එයයි.
















